À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා

A+ A-

” චටාස් “

බේබී හාමුගේ කාමරේට ගිහිල්ලා දොර අරින්න හැදුවත් කවුරු හරි මාව ඇදලා අරන් කනට පාරක් දුන්නු පාර මට‍ හිතුනා ඒ ලොකු හාමු තමයි කියලා. බැලින්නම් ඒ ලොකු හාමුම තමයි ඇත්තටම . ලොකු මැණිකෙත් ඉන්නෙ පිටිපස්සට වෙලා මගෙ දිහාම බලා ගෙන හිනා වෙවී.

” සක්කිලියා……. පලයන් මේ වලව්වෙන් දැන්ම තෝ “

” ම්.. “

මන් කතා කරන්න යන්න හදද්දීම මයෙ හාමුගේ දොර අරුනා වෙද්දී පොඩි බේබී දඩි බිඩි ගාලා මගෙ ළගට ආවා .

” අප්පච්චි…… එයත් යනවා නම් මාත් යනවා අප්පච්චි.. ඔයා කොහොමද මෙහෙම මෙයාව එළවන්නේ ආ . අපෙ අම්මනේ දෙයියනේ මගෙ පැටියට කරදර කරන්න හැදුවෙ. මෙයා හිටියේ නැත්තන් මගෙ දරුවා…. මගෙ පැටියාට තුවාල වෙලා මෙලහකට “

මගෙ හාමු කිව්ව දේ එක්කලා මන් බැලුවේ ඒ ඇස් දිහා. විශ්වාස කරන්නත් බැහැ හාමුද ඒ මාත් එක්ක වලව්වෙන් යනවා කිව්වේ කියලා වෙද්දී ලොකු හාමු නම් හිනා වුණා.

” මන් හිතුවා උබ මේ සක්කිලියා නිසා වලව්වෙන් යන්නම යයි කියලා. හොදයි පුතා උබට මේකා එක්කම යන්න පුළුවන්. “

” අප්පච්චි ඔයා කියන් නෙ ය න්න කියලා ද එතකොට. ඒ කියන්නේ අප්පච්චි නිලූෂව…”

නුරාද කාමරේ ඉද්දි හාමු එහෙම කියා ගෙන ආවේ ලොකු හාමු ළගට.

” මොනාද පුතා උබ මේ දොඩන විකාර ආ…. මේ කොහෙවත් යන එකෙක් නිසා උබ වදාපු අම්මා අප්පච්චිව දාලා යන්න තරම් මයෙ පු තා එච්චර ම අපිව වටින්නැද්ද ඈ පොඩී. උබට කැක්කුමක් නැද්ද උබ වදාපු මේ අම්මා ගැනවත් ආ “

” අම්මේ මගෙ දරුවට ගිනි පොල්ලෙන් ගහන්න හදද්දී මන් ඔයාලගෙන් ඈතට යන්නැතුව වෙන මොනා කරන්න ද. මන් හිතුවේ වත් නෑ අම්මා ඒ වගෙ දෙයක් කරයි කියලා වත් “

හාමු එහෙම කියද්දී ලොකු මැණිකේ දත් මිටි කෑවා.

” පොඩි උබෙ ළමයා මට මොකක්ද කරන්න හැදුවෙ කියලා දන්නවද ඈ… ඒකා මාව පුච්චලා දාන්න ආවේ. පිටිපස්සෙන් සද්දයක් ආවා නිසා මන් හැරිලා බලපු නිසා හොදයි. නැත්තම් මේකා මගෙ අත පුච්චලා දාන්නේ. උබට ඉතින් මේ නාකි අම්මට වඩා මහා ලොකුවට නුරාදව ලොකුයිනේ. අනික උබට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද මේ මනුස්සයට ආදරේ කරන්නෙ ආ. උබට ආයේ දීග යන්න ඕනියි කිව්ව‍ නම් මන් ම හොද දැරිවියක් උබට පුතේ හොයලා දෙනවනේ “

” මැණිකේ උබ නතර කර ගනින්කෝ පොඩ්ඩක් කට. තෝ දැන්ම පලයන් මගෙ වලව්වෙන්. එතකොට පොඩී උබ….. අම්මා අප්පච්චිව දාලා යනවා නේද ම්.. උබෙ අම්මා අසනීපෙන් ඉන්නේ. අම්මා ගැනවත් උබට දුක නැද්ද. අයියත් ගියා යන්නම. දැන් උබත් යනවා නේද එහෙනම් මූ එක්කලා…. අපිට නිදහසේ ඇස් දෙක පියා ගන්නවත් දෙන්නැද්ද උබ. “

ලොකු හාමු පොඩි බේබිගෙ ළගට එද්දි බේබී කළේ බිම බලා ගත්තු එක. මට ඒකෙන්ම තේරුණා හාමු මහත්තයා තාම හරියට තීරණයක්‌ වත් අරන් නැතුවයි ඔය මාත් එක්කලා එනවා කිව්වේ කියලා.

” පොඩි මන් හිතනවා උබ අපිව දාලා නොයයි කියලා… “

” පුතාට අම්… “

” මැණිකේ…. “

ලොකු මැණිකේ පොඩි බේබිගෙ මූණත් අත ගාලා මොකක්දෝ එකක් කියන්න ගියා වුණත් ලොකු හාමු වලව්ව දෙදරන්න මැණිකෙ ගෑවා වෙද්දී මැණිකෙත් ගැස්සිලා ගියා.

” උබට මන් මේ කියන අවසාන වතාව හාමිනේ. මින් පස්සේ උබට බෑ මේ වලව්වේ චූටි මුණුබුරාට අතක් වත් තියන්න “

මන් ළග තියා ගත්තු අපෙ කැමරාව දැම්මේ මට බේබී දුන්නු පෙට්ටිය ඇතුළට. ඒක බේබී ළගම තිබ්බාවෙ දැන්. කලින්ම මන් ලෑස්ති කර ගත්තු මගෙ ලොකු බෑග් මල්ල උස්සගෙන එළියට යන්න හැදුවා වුණත් කාමරේට කඩා වැදුනු හැටියේ බේබී දොරත් ලොක්‌ කර ගත්තා. එයා අඩලා හොදටම. ඇසුයි නහයයි හිටන් ඉදිමිලා එයාගේ.

” මයෙ නිලූෂ ස් සමාවෙන්න බන්. “

” ශ් හරි හරි අඩන්න ඕන්නැ ඕකට මයෙ හාමු මහත්තයෝ . මන් ඉක්මනට රස්සාවකුත් හොයා ගන්නම්කෝ ඉන්න හිටින්න තැනකුත් එක්කම. අනික මන් නෑවිත් ඉන්නෙ නැහැනේ උබලා දෙන්නව බලන්න. දරුවා පරිස්සම් කර ගන්න හාමු. ම් හාමු හෙට පන්සලේ පිටිපස්සේ ගුරු පාරේ අඹ ගහ යටට එනවද මාව හම්බෙන්න ම් හතරට විතර…. දරුවත් අරගෙනම එන්න හොදද. ඔයා අම්මා අප්පච්චි ළගම ඉන්න. එයාලා දෙන්නා ඕන්නම් තව ඉදියි ටික කාලයක් යනකම්. එතකම් අපි මේ විදිහට ඉමු. බලමුකෝ ඉස්සරහට “

ඉතින් මන් ඒ නළල සිප ගත්තා වෙද්දී මෙච්චර වෙලා නලිය නලිය තිබ්බ උණු කදුළු කැට දෙක තුනක්ම පල්ලම් බැස්සේ මට‍ මේ උණුහුම තව ඩිංගකින් නැති වෙලා යනවා කියලා හිතුනු නිසයි.

” මගෙ මහත්තයා කොහෙද යන්නේ ද් දැන් “

” ද් දන්නෑ හා මූ “

එහෙම කියලා මන් ආයේ බිමින් තිබ්බ බෑග් මල්ල අර ගත්තා වෙද්දී ආයෙමත් හාමුගෙ ඇස් වල කදුළු පිරුනා. මට‍ කමනි නැන්ද එයාලගේ ගෙදරට එන්න කිව්වත් මන් නිසා එයාලට කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසාම එහෙ මම නොයන තරමට හොදයි.

” ම් පොඩ්ඩක් ඉ න්න. “

පොඩ්ඩක් ඉන්න කියපු බේබී මගෙ ඇදුම් මල්ලට තව පොඩි මලු දෙකක් එබුවා.

” හෙට කියපු තැනට පැටියත් අරගෙන එන්න “

කවුරුත්ම පේන්න නැති වෙද්දී ඒ නළලට ආයේ සිපුමක් තියෙලා හාමු දීපු ලොකු කුඩෙත් ඉහළ ගෙන එළි බැස්සා. කොහෙද යන්නෙ කියලා හිතා ගන්න වත් බැරි වෙද්දි මන් පාර දිගේ ඇවිදලා ඇවිදලා මගදි හම්බුනු හන්දියටම යන බස් එකක නැග්ගා.

මාත් මගෙ හාමු වගෙ ගුරුවරයෙක් හරි වුණා නම් රජයෙන් දෙන ගුරු නිවාසෙක ඉන්න තිබ්බා. කඩයක හරි වැඩක් කර ගන්න තිබ්බා ඒත් එහෙම කළයි කියලා ඉන්න තැනක් හම්බෙන්නෑ නෙ. තාම කළුවර වැටිලා නැති නිසා හොදයි. ඒත් එක්කම මට එක පාරටම මතක් වුනේ මමයි හාමුයි ගියපු පොඩි පන්සලකට. එහෙවත් මට කෝකටත් කියලා දවස් කීපයකට හරි ඉන්න පුළුවන් තැනක් හම්බුනොත් හොදයි.

” ම් පුතාට එහෙනම් රස්සාවක් හොයා ගන්නකම් මෙහෙ ඉන්න පුළුවන්. මන් අදුරන රජයේ රස්සා කරන උපාසකයෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඒ ඇත්තන්ගෙනුත් මන් ඩිංගක් අහලා බලන්නම්කෝ. උසස් පෙළත් හොදට සමත් එකෙ හොද රජයේ රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ඒ ගැන හොයලා බැලුවොතින් . “

” අනෙ ලොකු හාමුදුරුවනෙ ඔබ වහන්සේට කරදරේ මන් නිසා “

” කරදරේ නෙවෙයි කොල්ලෝ. ඔය වගෙ වෙලාවක මට‍ පුළුවන් උදව්වකුයි කරන්නෙ මන් “

හාමුදුරුවන් වහන්සේටත් වැදලා මන් ආවේ පන්සලේ වැඩ කරන කොල්ලෙක් එක්ක උගෙ කාමරේට.

” අයියේ කාමරේ පොඩි නම් තමයි. කෝ දෙන්න මල්ල ඇරගෙන තියන්න “

කොල්ලා මගෙ මල්ල ඇරගෙන මේසේ යටින් තියද්දි මන් පොඩි ඇදේ ඉද ගත්තා. දෙන්නෙකුට ඉන්න තරම් මහ ලොකු ඉඩක් නැති මේ කාමරේ වුණත් මට දැනට දාහෙන් සම්පතක්.

” අයියා කරාමෙන් ඩිංගක් අතපය හෝද ගෙන එන්නකෝ. මන් අපි දෙන්නට බොන්න මොනා හරි හදා ගෙනම එන්නම් විගහට “

” නෑ නෑ කොල්ලෝ උබ කරදර වෙන්න ඕන්නැ. උබෙ වැඩක් කර ගනින් “

මන් එහෙම කොච්චර කිව්වත් කොල්ලා කාමරෙන් එළියට ගිහිල්ලත් ඉවරයි. මාත් එළියට ගිහිල්ල මූණ අත පයත් හෝදගෙන ඇතුළට ඇවිල්ලා ඇදුමුත් මරු කර ගෙන ඇදුම් මල්ල අස් කරන්න ගත්තා. මයෙ පොඩි හාමු එන්න ලෑස්ති වෙද්දී දුන්නු මල්ල ඇරලා බැලුවත් හරි මෙච්චර වෙලා මැලවිලා තිබ්බ මගෙ මූණට හිනාවක් ආවා. තඩි බත් ගෙඩියකුයි බබා විස්කෝතු පෙට්ටි තුන හතරකුයි.

” අයියේ කිරි කෝප්පයක් නිවෙන්න කලින් බීලා ඉමු. “

” අහ් මල්ලි ආවද. බොමු බොමු එහෙනම්. මේ විස්කෝතු තියෙනවා කන්න “

විස්කෝතු පැකට් එකක් කඩපු මන් ඒ පොඩි කොල්ලට දික් කරා.

” ලොකු හාමුදුරුවන් වහන්සේ මට විස්තර කිව්වා අයියා ගැන. අයියා බය වෙන්න එපා විගහට හොද රස්සාවක් හම්බ වෙයි. “

” මට මල්ලි ගැන විස්තර කිව්වෙ නෑ නෙ ඉතින් “

” මන් ආසයි අයියේ පන්සලේ ආවතේව වැඩ කරන්න. ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයිනෙ මන් . නිකන් ගෙදර ඉන්න එකෙ හවසට ඇවිල්ලා පන්සල සුද්ද බුද්ද කරනවා. ආයේ පාන්දර පහට විතර නැගිටලා පන්සල ඇමදලා පිරිසිදු කරලා අටට විතර ගෙදර යනවා. අපෙ ගෙදර නම් ටිකක් දුරයි. මන් පයින්ම යන නිසා මට‍ අඩ හෝරාවක්ම යනවා ඉතින් ගෙදර යන්න. “

මේ කොල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි කියන්නේ මගෙ වයසවත් වෙන්නැති.

” ඉස්කෝලේ ගිහිල්ලා ඉවර එකෙ රස්සාවක් කරන්නෑ “

” අපිට හන්දියේ ලොකු රෙදි කඩයක් තියෙනවනේ. ගෙදර ඉන්න එකම කොල්ලා නිසා අප්පච්චිගෙන් පස්සේ මට තමයි ඉතින් ඔය රෙදි කඩේ කරන්න වෙන්නේ අයියේ . එතකම් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා මන් “

අම්මේ මේ කොල්ලට නම් අතේම රස්සා තියනවනෙ.

” අයියා බත් එකකුත් ගෙනල්ලනේ. මාත් හවස එද්දි බත් එකක් ගෙනාවා. පන්සලේ ඉතින් රෑට දානේ ගන්නෑ නෙ “

කමනි නැන්දගේ බත් මුල දිග අරිද්දිත් මතක් වෙන්නේ දරුවයි හාමුයි. පැටියා මොනා කරනවද දන්නෑ මෙලහකට. මන් නැතුව චූටිට පාලු ඇති.

💥💥💥💥💥💥💥💥💥💥

” අප්පච්චි ඔයා එයාව එහෙම එලෙව්ව එක හරි වැරදි. එයා කොහෙ කියලා යනන්ද. අනික එයාට අපි ඇර ක්‌.. “

” උබෙ ඔය කටපියා ගනින් පොඩී. ඒකා දැන ගන්න ඕනී ඒකා කවුද කියලා . උට‍ එච්චර කොහෙන්ද හයියක් ලොකු මැණිකෙගේ බෙල්ල මිරිකන්න තරම්. මයෙ මේ අත් වල ලේ ගා ගන්න බැරි කමටයි මන් ඒකව මැරුවේ නැත්තේ. නැත්තම් මන් ඕකව වලව්වෙන් පන්නනවා නෙවෙයි එවලෙම මරලා දානවා. “

අප්පච්චිට මන් කොච්චර කොහොම මොනවා කිව්වත් එයා නෙවෙයි ඒක අහන්නෙවත්. බත් කටක් ගිල ගන්නෙ කොහොමද මන් ඒකා නැතුව. මගෙ කොල්ලාට ඉන්න තැනක් වත් හම්බුනාද දන්නෑ. මන් ඔතලා දුන්නු බත් ගෙඩිය කන්න ඇති. නුරාදත් විටෙන් විටේ නිලූෂ ගෙ කාමරේට ගිහිල්ලා බලනවා. ඒ ජනේලේ එල්ලිලා මිදුල දිහා බලා ගෙන ඉන්නවා. අනෙ මන්දා.

” මන් අම්මටත් කෑ ගැහැව්වා පොඩි. දන්නවනේ ඉතින් අම්මගෙත් හැටි. ඒකිට වයස යන්න යන්නම තරහ ගන්නවා වැඩි. දැන් ඕන් බලන්න ආයේ සනීප නෑ . හෙට දිහාට වත් එක්ක යන්න ඕනී ඉස්පිරිතාලෙටවත් “

අප්පච්චි ඔහේ කියෙව්වත් මන් කරේ තාම බත් එක අත ගගා හිටපු එක. නුරාදට නම් කලින්ම කැව්වා මන්.

” ඔය ටිකත් විහික්කා කරන්නැතුව කන්න “

පැටියා ගස්ලබු කෑල්ල භාගෙට කාලා තියෙලා යන්න හැදුවත් මන් ආයේ එහෙම කෑ ගැහැව්ව පාර මූණත් නාලු කරගෙන පුටුවේ ඉදගෙන කන්න ගත්තා. අම්මා නම් කන්නවත් නෙවෙයි එළියට ආවේ. අප්පච්චි අම්මට කෑ ගැහැව්ව නිසා මන් ආයේ පැටියා ගැනවත් අම්මට කියන්න ගියෙ නෑ.

” කෝ අපි ඕක අල්මාරියෙ පරිස්සමින් තියමු හාද. ඔයගෙ චූටි අප්පච්චි හරි ආදරෙයි ඔය කැමරාවට “

” ආ.. “

මන් ඇග පත හෝදගෙන එද්දි නුරාද පෙට්ටියේ තිබ්බ කැමරාව අතට ඇරගෙන ඒක දිහා ඔහේ බලා ගෙන ඉන්නවා.

සීතළත් වැඩි කමට කොල්ලා මගෙ අස්සෙම හොදට තුරුල් වෙලා නිදා ගෙන හිටියත් මට‍ නෙවෙයි නින්ද අහලකවත් තිබ්බේ. පාලුයි. එයා වලව්වේ නැහැයි කියලා හිතෙන හිතෙන ගානට මහා පාළුවක් තනිකමක් දැනෙද්දී මට හරි අමාරු වුණා කදුළු පාලනේ කරන්න.

රෑ හරියට නින්දේ වත් ගියෙ නැති නිසාද මන්දා මන් නැගිටිද්දී හතත් පහුවෙලා අටට කිට්ටුයි. අප්පච්චි නම් මෙලහකට කාලා වත්තට ගිහිල්ලත් ඇති. පුතා නම් කලින්ම නැගිටලා වගෙ. කාමරේවත් නෙවෙයි එයා පේන්නවත් හිටියෙ. මන් කොච්චර තනියම එහෙ මෙහෙ යන්න එපා කිව්වත් අනෙ මේ ළමයා ඒක අහන්නැති හැටියක්. ඊයේ කොච්චර මන්දාරම තිබ්බත් ලා අව්ව වැටිලා නිසා සීතළ පොඩ්ඩක් අඩු වෙලා. ජනෙල් පියන් දෙකත් හොදට ඇරලා දාලා පහළට ගිහිල්ලා බැලුවේ පුතා කෝ කියලා වෙද්දී කුස්සියේ පැත්තෙ වත් පේන්න හිටියේ නැහැ.

” නැන්දේ පැටියා දැක්කද “

” පොඩි බේබී දැන්ද නැගිට්ටෙ.. ඕන් බේබී අපෙ කොල්ලා එක්කලා එළියේ පැත්තට ගියා. උදේ ඉදන් මූණ එල්ල ගෙන හිටියෙ. කිරි එක දෙන්න චූටි බේබීව බලද්දී බේබී හිටියෙ නිලූෂ කොල්ලගේ කාමරේ. අපෙ පුතා පස්සේ චූටි බේබී එක්කම හිටියා. “

එහෙනම් කමක් නෑ. නුරාදටත් තාම දුක ඇති. පැටියා නැගිට්ට හැටියේ කාමරේ නිලූෂ පේන්නවත් හිටියේ නැත්තම් දුවගෙන යන්නෙ මගෙ නිලූෂ ගෙ කාමරේටනේ.

” බේබී ලොකු මැණිකේ ඕන් බත් පතක් ඉස්සරහින් බෙදලා වහලා තිබ්බා බේබීට . චූටි බේබීට නම් මන් කලින්ම කැව්වා පොඩි බේබී “

” ඒක හොදයි නැන්දේ… “

කන්න කලින් නිලූෂගෙ කාමරේට ගියාපු මන් ඒකෙ ජනෙල් පියන් දෙකත් ඇරලා එයාගේ කොට්ටෙ මගෙ කාමරේට ගෙනිච්චා. එයාගේ සුවද තාම එනවා ඒකෙන්.

” කමනි…. කමනි…. “

මන් මේසෙට වෙලා කකා ඉද්දි අම්මා කාමරෙන් ඇවිල්ලා කමනි නැන්දට කෑ ගැහැව්වා.

” ඇයි ලොකු මැණිකේ.. “

” අරකගේ කාමරේ පිළි වෙලක් කරාපන් කමනි හවස් වෙන්න කලින් . ලොකු හාමු වත්තෙ වැඩට තව කොල්ලෝ දෙන්නෙක් විතර හොයා ගන්නවයි කිව්වා. නතර වෙන්ට ආවොත් ඒ කාමරේ දෙන්න එපැයි උන්ට “

” හරි මැණිකේ මන් කරන්නම් “

” පොඩි මන් ගුණේ එක්කලා ඉස්පිරිතාලේ යනවා ඇගට හරී අමාරුයි. අප්පච්චි ආවොත් කියහන් මන් ඉස්පිරිතාලේ ගියයි කියලා “

අම්මා ආයේ මොකුත් නොකියා කාමරේ පැත්තට යද්දි කටවල් දෙක තුනක් කාපු මන් කුස්සියේ පැත්තට ගියා.

” අනේ මන් නිලූෂ කොල්ලට අපෙ ගෙදර එන්නත් කිව්වා පොඩි බේබී ඊයේ ඒකා යන්න හදද්දී. කොහේද ඉතින් මන් කිව්ව‍ එකක් ඇහැව්ව ඈ. දැන් කොහේ ඉන්නවද මොනා කරනවද දන්නේ කව්ද. උදේට කාලද දන්නෙත් නෑ “

අද හවසට යද්දී නම් මන් බත් ගෙඩියක් ගෙනියනවා මගෙ කොල්ලට. අනෙ අපිටම වුණු වින්හැයියක්. දෙයියනේ මගෙ අතින් අරකිට වුණු දේ හින්දද මට මෙච්චර දේවල් මෙහෙම වෙන්නේ කියලා දැන් දැන් හිතෙනවා. ඒකී මගෙ අතින් බඩ වෙලා ඉදලා ළමයත් හම්බුනා කියලා දැන ගද්දි මට‍ මොකුත් හිතා ගන්න බැරි වුණේ මන් ඒකිට එහෙම දෙයක් කරා කියලා වත් තාම හිතා ගන්න බැරි වෙද්දී . අපරාදේ එදා මන් නොබී හරි සිහියෙන් හිටියා නම් එච්චර දෙයක් වෙන්නැති වෙන්න තිබ්බා. මගෙ අයියා එහෙම දන්නවා නම් ඒකී එක්කලා දීගේ වත් යන්නැති වෙයි. දැන් ඒ දරුවා කොහේ ඉන්නවද දන්නෑ . ඒ කරුම වෙන්නැති මන් මේ ගෙවලා දාන්නේ.

මන් පැටියා එක්කම නාලා කරලා පිරිසිදු වෙලා හොද ඇදුමක් දා ගත්තා. නිලූෂ මට‍ තෝරලා දීපු ලා දුබුරු පාට කමිසෙට කළු කලිසම ඇද ගත්තු මන් කොට කරාපු කොන්ඩේ පීරගෙන ළමයවත් ලෑස්ති කර ගත්තා.

” නැන්දේ බත් එක හරිද දැන් “

” ආ හරි පොඩි බේබී . මන් බැදපු බටු ටික මේ මල්ලට දැම්මා. “

” නැන්දේ අම්මා ඇහැව්වොත් මන් කෝ කියලා හන්දියෙ පැත්තට ගියා කියලා කියන්න “

මගෙ මල්ලට බත් එකත් දා ගත්ත මන් ළමයා එක්කම වාහනේට නැග්ගා. අප්පච්චි නම් තාම ඇවිල්ලා නෑ. දැනටමත් හතරයි. නිලූෂ ඇවිල්ලද දන්නෑ මෙලහකට. අනෙ මන් නෑ කියලා නම් යන්න නම් එපා දෙයියනේ.

අනේ එයා ඉන්නවා. පිනිපොද ගහන වැස්ස නිසා කුඩයත් ඉහළ ගෙනම අපි එන ගුරු පාර දිහා බලා ගෙන ඉන්නවා.
වාහනේ නතර කරපු හැටියේ එයා කුඩෙත් බාලා මගෙ එහා පැත්තට ඇවිල්ලා පැටියවත් ඔක්කටම ගත්තා.
එයා ටිකක් තෙමිලා. එයා පැටියව දා ගෙන හාදු දීගෙන දීගෙන යද්දි මන් කළේ වාහනේ හරව ගත්ත එක .

” නිලූෂ…. රෑ කොහෙද හිටියේ….. “

” හාමුට මතකද අපි තුන් දෙනා එක සැරයක් අර ලොකු ගල් තලාවක් ළග තියෙන පන්සලකට ගියා. මන් ඊයේ රෑ ගියෙ එහාට්ට හාමු “

මන් ඊයේ රෑ බය වුණු හැටියක්. පන්සලක ඉන්න නිසා නම් බය වෙන්න දෙයක් නෑ එහෙනම්.

” එහෙනම් කමක් නෑ. දවල්ට කෑවද ම් “

නුරාද නම් ඉතින් ඒ පපුවෙ ඔලුව ගහගෙන අපෙ කතාවට කන් දී ගෙන ඉන්නවා. ගොඩක් දුර ආපු මන් පාරේ අයිනට කරලා වාහනේ නැවැත්තුවා.

” උදේ අටට විතර නම් කෑවා හාමු. තාම මන් මේ ඉන්නෙ හන්දියට ආපු පාර දැනට කඩේක හරි වැඩට යන්න කියලා හිතන් නම් ඉන්නෙ. මන් කඩවල් කීපයකටම බලන්න ගියා. හැබැයි තාම නම් හම්බුන්නෑ “

” හරි හරි දැන් කාලා ඉමුකො නිලූෂ. පැටියයි මායි නම් දෙන්නම කෑවා. යමු පිටිපස්සට “

අපි තුන් දෙනාම ඉස්සරහට ගියාට පස්සේ නිලූෂට බත් මුල දීලා පැටියාව ගත්තේ මගෙ ඔක්කට.

” ආ ඉන්නකෝ පොඩ්ඩක් “

මන් බත් එකත් ලිහන්න හදද්දී නිලූෂ එයාගේ නයි මල්ල ඇදලා නුරාදගේ අතට දුන්නේ චොකලට් එකක්.

” ඒයි ආයේ ඔහොම කඩචෝරු ගේන්න හදන්න එපා නිලූෂ. සල්ලි ඉතිරි කර ගන්න. “

” සල්ලිත් ඉතිරි කර ගන්නවා හාමු. කෑ ගහන්න එපා. අපෙ පැටියට නෙ මන් අරන් දෙන්නේ “

එයා ආසම විදිහට කොස් ඇට දාපු කැකිරි ඇඹුලක් තියෙද්දී එයා මට‍ හිනාවක් දීලා කන්න ගත්තා.
නුරාදට නම් ගානක් වත් නෑ. නිලූෂ දිහා බල බල චොකලට් එක කනවා කට වටේටම ගාගෙන .

ගොඩක් වෙලා කතා කර කර හිටපු අපි ආයේ වාහනේ පාරට දාලා ගියෙ නිලූෂ ඉන්න පන්සලට. මගදී යනින් ගමන් පලතුරු ටිකක් ගත්ත මන් ඒ ටිකත් නිලූෂගෙ අස්සේ ගැහැව්වා එයා එපා කියද්දී.

” නිලූෂ ඉන්න පොඩ්ඩක්. කවද්ද ආයේ හම්බ වෙන්නේ. “

යන්න හැදුව එයාව මන් ආයේ නතර කරගෙන එහෙම ඇහැව්වා වෙද්දී එයා මගෙ දිහා බලා ගෙන හිටියා.

” අනිද්දා මයෙ හාමු මහත්තයගෙ විබහගේ නේද ම්. මන් හතට ඉස්කෝලේ ළග ඉන්නම්. නුරාදවත් අරගෙනම එන්න. “

” පිස්සුද පැය තුනක් කොහොමද ඔයා දරුවා තියා ගෙන ඉන්නේ. එ…… “

” ඒක හිතන්න එපා මන් එයා එක්කම හන්දියට ගිහිල්ලා මන් මගෙ වැඩ ටික කර ගන්නම්. අනික හාමු අපේ පැටියා කොච්චර හොද ළමයෙක්ද වෙන ළමයි වගෙ කරදර කරන්නෑ නෙ එයා “

ඒක නම් ඉතින් ඇත්ත තමයි. ඒ වුණත් දරුවත් තියාගෙන මෙයා කොහොමද වැඩ කර ගන්න යන්නෙ. මට ඉබේම බැලුනෙ නුරාද දිහා.

” හරි එහෙනම් මගෙ නිලූෂ කියනවා නම් මන් එහෙම කරන්නම් කෝ “

” හොදට පාඩම් කරන්න වෙන වෙන දේවල් හිත හිතා ඉන්නැතුව මගෙ හාමු. මයෙ වස්තු කැටේ ඕන් පැටියා එහෙම අප්පච්චිට කරදර කරන්න බෑ හොදේ “

” ආ “

ආයේමත් පැටියගේ කම්මුලක් ඉඹපු නිලූෂ මගෙ ඔලුවත් අත ගාලා වාහනෙන් බැස්ස වෙද්දී ටිකක් වෙලා යනකමඑයා දිහාම බලා ගෙන හිටපු මම වාහනේ හරවා ගත්තා. කවදාහරි දවසක අපි තුන් දෙනාටම එක වහලක් යට ඉන්න පුළුවන් වෙයිනෙ.

මන් වලව්වට යනකොටත් ටිකක් රෑ බෝ වෙලා තිබ්බා වගේම අප්පච්චි එළියේ ඉස්තෝප්පුවට වෙලා බලා ගෙන හිටියා.

” මෙච්චර කළුවර වෙනකම් කොහෙද උබ ගිහිල්ලා හිටියෙ පොඩි “

” මගෙ වැඩකට ගියෙ අප්පච්චි “

එහෙම කියාපු මන් තවත් එතැන නොඉද ගියෙ කාමරේට. නිලූෂ මට උබව ඕනී මගෙ නිලූෂ. මේ වලව්වට අඩිය තිබ්බ හැටියේ මතක් වෙන්නේ එයාව. මගෙ දෙයියනේ මේ කරුම කවදා ඉවර වෙලා සැනසීමක් මට ලැබෙයිද.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗🤗

බුදුසරණයි හැමෝටම 🙏🙏

කතාවට සහයෝගය දුන්නු යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි ගොඩාරියක් පින් 🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්පස්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 36